නිරෝගී පුද්ගලයෙකු බිහිකිරීම සඳහා ශාරීරික හා මානසික සමතුලිතතාවක් පැවතිය යුතු බව අවධාරණය කළ ජයවීර මහතා හමුදා සාමාජිකයෙකු වශයෙන් ඔහුට අවශ්‍ය අවි පුහුණුව හා හමුදා පුහුණුව ලබාදෙන අතරම මානසික සංවර්ධනය සඳහා විවිධ දේශන හා භාවනා වැඩසටහන් සඳහාත් යොමු කරවන බව මෙහිදී සඳහන් කළේය. එමඟින් නිතරම මහජනතාව සමඟ සමීපව වැඩ කටයුතු කිරීමේදී විවෘත මනසකින් නිවැරදිව සිතා බලා කල්පනාකාරී තීරණ ගෙන වැඩ කටයුතු කිරීමට ඔවුන්ට හැකි වන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අප රණ විරුවන්ට ආධ්‍යාත්මික සුවය ලබාදීම අරමුණු කොටගෙන කලවැල්ලන්ද, කූඩළුගල, කඳුබොඩ දෙල්ගොඩ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන එහි අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක භාවනා කුටි සාදා බවුන්සෙත් නැමති මානසික සුවසහන ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ඉකිරීමට හෙට (26) මුල්ගල තැබීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත හා යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම මත මෙම මෙම සුවසහන අධ්‍යාත්මික මධ්‍යස්ථානය ඉදිකරනු ලබන බවත් මෙය සම්පූර්ණවීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ සිටින ඕනෑම අයෙකුට තම විවේක අවස්ථාවලදී එකී මධ්‍යස්ථානයට ගොස් තම ආධ්‍යාමික සංවර්ධනය සඳහා එහි පවත්වනු ලබන භාවනා වැඩසටහන් සඳහා සහභාගී විය හැකි බවද පෙන්වා දුන්නේය.
NDH/mod