අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් Featured

    ජූනි 25, 2014

    හෙට දිනට (26) යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත සංකල්පය ක්‍රියාවට නංවාලමින් හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන අන්තරායකාරී ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යයයන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත.


    මතින් තොර දේශයක් බිහිකිරීමේ උදාර අරමුණින් යුතුව ඉමහත් කැපවීමෙන් කටයුතු කරන අන්තරායකාරී ‍ඖෂධ පාලක මණ්ඩලය විසින් "සාමූහිකත්වය තුළින් ජයග්‍රහණය කරා පියනගමු" යන්න තේමා කර ගනිමින් මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය සැමරීමට කටයුතු යොදා ඇත.

    මතින් තොර අභිමානවත් පරපුරක් බිහිකිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන ප්‍රධාන ආයතනය වන අන්තරායකාරී ‍ඖෂධ පාලක මණ්ඩලය, රට තුළ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, නිවාරණය, පර්යේෂණ හා ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සිදු කිරීම, ජාතික හා ජාත්‍යන්තර සබඳතා ගොඩනැංවීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන කටයුතු සිදු කරනු ලබන අතර මෙම කාර්යයන් නිවැරදි මානයන් ඔස්සේ ගෙන යාම සඳහා ආයතනය විසින් පොලීසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආදි වශයෙන් තවත් ආයතන 34ක් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරනු ලබයි.මේ වන විට මණ්ඩලය සතුව නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතන 04ක් කොළඹ, නිට්ටඹුව, මහනුවර හා ගාල්ලයන ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතරමෙම ආයන තුලින් මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන පුද්ගලයන් සඳහා නොමිලේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබා දෙනු ලැබේ.

    එමෙන්ම 2007 අංක 54 දරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රතිකාර මධ්‍යස්ථාන අධීක්ෂණයට ලක්කරමින් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව බන්ධනාගාර 09ක මත්ද්‍රව්‍ය භාවිත කර බන්ධනාගාර ගතවූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ක්‍රියාත්මක කිරීම මේ වන විට වීරවිල, පල්ලේකැලේ, කළුතර, පල්ලන්සේන, අනුරාධපුර, තල්දෙන, කන්දෙවත්ත, මීතිරිගල හා වටරැක යන එළිමහන් සිරකඳවුරුවල හා බන්ධනාගාරයන්හි ආරම්භ කර ඇත.

    මීට අමතරව්‍ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත පසුගිය වසරේ ඔක්තෝබර් මස මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් සඳහා පොලොන්නරුව කන්දකාඩුහි දී විශේෂ මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද මණ්ඩලය විසින් ආරම්භ කරන ලදී. 2014 වන විට මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 650ක් පමණ පුනරුත්ථාපනය වෙමින් සිටී. එසේම මෙම මධ්‍යස්ථානයේ ඇති වෘතීය පුහුණු වැඩසටහන් තුළින් පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පවුල් පසුබිමක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය හැකියාව හා උපදෙස් එහි රැඳවියන් සඳහා ලබාදීමට කටයුතු කරනු ලැබේ.

    මීට අමතරව මත්ද්‍රව්‍ය වැඩිපුර භාවිත වන කොළඹ දිස්ත්‍රික්කයේ හා පළාත් මට්ටමින් හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මණ්ඩලය විසින් බාහිර සේවා වැඩසටහන් ආරම්භ කර ඇති අතර නව සේවාලාභීන් හඳුනාගැනිම හා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, ප්‍රතිකාර ලැබූවන් සඳහා පසුභාර කටයුතු කිරීම, ජංගම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම, මේ සම්බන්ධයෙන් වතු ජනතාව දැනුවත් කිරීම, කාන්තා තරුණ හා ළමා සමාජ පිහිටුවීම හා මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම, පුස්තකාල සේවා සැපයීම පාසල් සිසුන් දැනුවත් කිරීම ආදි වශයෙන් වැඩසටහන් රාශියක් මෙම මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.

    රටේ මත්ද්‍රව්‍ය ගැටලුව අවම කිරීම සඳහා මෙම මණ්ඩලය විසින් 1984 හා 0112077778 යන ක්ෂණික දුරකතන අංක දෙකක් මහජනතාව වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර ඒවා දිනයේ පැය 24 පුරාම ක්‍රියාත්මකය.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya