අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අද සමා‍ජයේ වැඩි පිරිසක් ඇස් නොපෙනීමේ දුර්වලතාවලින් පෙළෙනවා” Featured

    ජූනි 25, 2014

    අද සමා‍ජයේ වැඩි පිරිසක් ඇස් නොපෙනීමේ දුර්වලතාවලින් පෙළෙන බව අග්‍රාමාත්‍ය දි.මූ ජයරත්න මැතිතුමා පවසයි.

     

    අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ ගම්පොළ, මුල්ගම මහා විද්‍යාලයේ සහ උඩපළාත ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති ජංගම සේවා වැඩසටහන් වලදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි වැඩිහිටි ප්‍රජාව සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

     

    මෙහිදී දාහකට වැඩි පිරිසක් වෙනුවෙන් නොමිලේ ඇස් පරීක්ෂා කර, ඇස් කණ්නාඩි ලබාදෙන ලදී.

     

    අග්‍රාමාත්‍යවරයා තවදුරටත් එහිදී පැවසුවේ, “ගම්බදට වඩා නගරබද පිරිස් ඇස් නොපෙනීමේ දුර්වලතාවලට ගොදුරු වී ඇති බව පෙනෙනවා. එදා අපේ අප්පච්චිලා, සීයලා, ආත්තම්මලා, අවුරුදු සියයකට වඩා පරමායුෂ වින්දත් කවදාවත් ඇස් කණ්නාඩියක් පාවිච්චි කළේ නැහැ. රාත්‍රියේ ලාම්පු එළියෙන් බණ පොත්, ජාතක පොත් පත් කියෙව්වා.  එදා අපි පාසල් ගොස් ඇවිත් දෙමාපියන් සමඟ ගොවිතැන් කටයුතුවලට සහභාගි වුණා. හොඳට මහන්සි වී වැඩ කෙරුවා. අපේ ආහාරයට අවශ්‍ය සියලු ම දේ අපේ ගෙවතුවල වගා කෙරුවා.  එළවළු, හාල් කඩෙන් ගත්තේ නැහැ. කඩෙන් ගෙනාවේ සීනි, ලුණු, කරවල වගේ දේවල් විතරයි. කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් අපතේ ගියේ නැහැ. කොස් ඇට දුම්මැස්සේ වේලා පසුව ඒවා නොයෙක් විදියට ආහාර ලෙස සකසා ගත්තා. මේ ප්‍රදේශවල තිබෙන සියලු ම මාර්ග අපේ අප්පච්චිලාගේ, සීයලාගේ දෑතේ වීර්යයෙන් ගොඩ නැගුනේ. ඒවාට අවශ්‍ය කරන කළු ගල් ගෙනාවේ ඔලුවේ තියාගෙන. අවශ්‍ය වැලි ගෙනාවේ ගඟෙන් හෝ ඇලෙන් ඔලුවේ තියාගෙන. අද වගේ යන්ත්‍ර සූත්‍ර ඒ කාලේ තිබුණේ නැහැ. ඒ නිසා අපේ අප්පච්චිලා අවුරුදු සිය ගණන් ජීවත් වුනා.  මැරෙනකම් ඔවුන්ට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලොට්‍රෝල් යන රෝග ඒ කාලේ තිබුණේ නැහැ. මොකද ඔවුන් තමන්ගේ ම දෑතේ මහන්සියෙන් වගා කරගත් වස විෂ නැති හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගත්තා. හොඳට මහන්සි වී වැඩ කෙරුවා. අද ජීවත්වන අය ඇග මහන්සි ‍කරන්න කැමති නැහැ. තමන්ගේ ගෙවතු, කුඹුරු වගා කරන්න කැමැත්තක් නැහැ. කඩෙන් ගෙනත් වස  විෂ කාලා නිදා ගන්නවා. මේ නිසා තමයි මේ සියලු ලෙඩ රෝගවලට අපි ගොදුරු වෙලා තියෙන්නේ. ඇස මිනිසාගේ ප්‍රධානත ම ඉන්ද්‍රියක්.  මෙය හොඳින් ආරක්ෂා කර ගන්න නම් කොළ වර්ග, පළා වර්ග ආහාරයට ගත යුතුයි. මේවා අපේ ගෙවතුවල ඉබේ වැවෙන දේවල්. නමුත් අපේ සාම්ප්‍රදායික ආහාර රටාවෙන් ඉවත් වීම තමයි අපේ මේ සියලු රෝගවලට හේතු වී තිබෙන්නේ”.

     

    මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, නීතීඥ අනුරාධ ජයරත්න මහතා ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වූහ.

     

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya