අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " යොවුන් විදු නියමුවෝ " අද ආනන්ද විද්‍යාලයේදී

    ජූනි 25, 2014

    ජාතික විද්‍යා පදනම විසින් යොවුන් විදු නියමුවෝ වැඩසටහනට සමගාමීව පවත්වන ලබන විද්‍යා දේශන මාලාවේ තවත් එක් වැඩසටහනක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශා‍ලාවේදී අද (25) පෙරවරුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානකොට තිබේ.

    පාසල් දරුවන්ගේ විද්‍යාත්මක දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනිමින් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයත් ඊට අනුබද්ධ ජාතික විද්‍යා පදනමත් "යොවුන් විදු නියමුවෝ" නමින් වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. යොවුන් විදු නියමුවන් 10,000 ක් බිහි කිරීම මෙහි මූලික ඉලක්කයක් විය.

     

    ජාතික විද්‍යා පදනම, දැනුම මත පදනම් වූ ආර්ථීකයක් බිහිකරනු වස් පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදනය සඳහා පහසුකම් ලබාදෙමින් පාසල් සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කටයුතු කරයි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya