අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති මිරිදිය ධීවර කටයුතු ආශ‍්‍රිත ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "ජලජීව හා මිරිදිය මත්ස්‍ය වගාවට හොඳම උදාහරණය අම්පාර දිස්ත‍්‍රික්කයයි. එනම් ජලජීව වගා සංවර්ධනයට එම ප‍්‍රදේශයේ ගොවි ජනතාව ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම එය ඉතා මැනවින් කළමනාකරණය කරන බවත් ධීවර සමිති ක‍්‍රියාත්මක කිරීමේදී පරිගණක භාවිත කරමින් ඉතා නිවැරදිව පොත්පත් පවත්වාගෙන යමින් ධීවර කාර්මිකයන් වෙනුවෙන් නොයෙකුත් සුබසාධන ව්‍යපෘති ක‍්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ස්ථිර තැන්පතු විධිමත්ව පවත්වාගෙන යමින් තම තමන්ගේ මුදල්වලින්ම ප‍්‍රජා ශාලාවල් පවා ගොඩනගමින් ඉතා පැහැදිලි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් පෙනෙනවා. ඒ වගේම ධීවර සංවිධාන ක‍්‍රියාත්මක කිරීමෙන් අපගේ ගොවි ජනතාව ඉතා සාර්ථක මිරිදිය ධීවර වගාවක් සිදු කරමින් හොඳ ආදායම් තත්ත්වයක් ලබන බවත් පෙනෙනවා. මේකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉතා හොඳ වැඩපිළිවෙළක් ඇති වී තිබෙන්නේ ජලජීවී වගා නිලධාරීන්ගේ කැපවීම නිසයි. ලෝකයේ අද වැඩිම ඉල්ලුම තිබෙන්නේ මේ මිරිදිය මත්ස්‍ය වගාවටයි. මීට හේතු වී ඇත්තේ මුහුදු මත්ස්‍ය වගාව අද එන්න එන්නම මිල අධික වී තිබීමයි. ඒකට ප‍්‍රධාන හේතුව ලෝකයේ ඉන්ධන මිල වැඩි වීමයි. ලෝකයේ 90%ක් මේ මිරිදිය ධීවර වගාව සිදු කරනු ලබන්නේ ආසියාවේයි. ඒ නිසා අපට විශාල ඉදිරි දැක්මක් තිබෙනවා.
ජලජීවී වගාව දියුණු කිරීමෙන් ලංකාවේ පරිභෝජනයට පමණක් නොව මත්ස්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අප ක‍්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ජලජීවී වගාවන්ට ඉතා හොඳ අනාගතයක් තිබෙන නිසා ඔබ සියලුදෙනාම මිරිදිය ධීවර වගාව සමඟ රැදිය යුතුයි. මේ පිළිබඳව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කරදී ඔබට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මේ හැම දෙනාටම තිබෙන අනෙකුත් ප‍්‍රශ්න අදාළ ධීවර සංවිධාන හරහා අමාත්‍යාංශයට දන්වන්න. අප, ජාතික ධීවර මහා සම්මේලනයේ ධීවර සංවිධාන නියෝජිතයන් සමඟ සෑම මාස 02කට වරක්ම අමාත්‍යාංශයේදී හමුවී එක් එක්ප‍්‍රදේශවලට ආවේණික ගැටලු සාකච්ඡා කොට අවශ්‍ය විසඳුම් ලබා දෙනවා" යැයි ඔහු පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම, නාරා ආයතනයේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර යන මහත්වරු සහභාගී වූහ.
NDH