අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය බුද්ධි අංශ පාවාදීමේ අවදානමක් Featured

    ජූනි 25, 2014
    පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සහ ඒ තුළින් පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් රාජ්‍ය බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය හෙළිදරවු කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසීය.
     
    2002 වසරේ එවකට පැවති රජය මඟින් පටු දේශපාලන අරමුණු මුල් කර ගනිමින් සිදුකරන ලද "මිලේනියම් සිටි" මහා පාවාදීම තුළින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටි බුද්ධි අංශ සාමාජිකයන් 21 දෙනෙක් ත්‍රස්තවාදීන් විසින් මරාදමන ලද බවත් ඒ හරහා ඇති වූ පාඩුව අද දක්වාම පිරිමැසිය නොහැකි බවත් වනිගසූරිය මහතා පැවසීය.
     
    මේ වන විට හෙළිදරව් වී ඇති ආකාරයට ඇතැම් පිරිස් පටු වාසි ලබාගැනීමේ අරමුණින් මෙසේ රාජ්‍ය බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය හෙළිදරවු කිරීමෙන් සිදුවන්නේ ජාතික ව්‍යසනයකට මුලපිරීමක් බවත් අනාගත පරපුරට ඉතුරුවන්නේ අස්ථාවර රටක් බවත් වසර 30ක යුද්ධයක් අවසන් කළ ශ්‍රී ලංකාව තවදුරත් අස්ථාවර කිරීමට විවිධ පාර්ශව උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.
     
    පසුගියදා අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරය මුල්කරගනිමින් සිදු වූ අප්‍රසන්න සිදුවීම් තවදුරටත් වර්ධනයවීම සහ ඒ සබැඳිව පසුව ඇතිවීමට තිබූ ඇතැම් තත්ත්වයන් පාලනය කිරීමට හැකිවූයේ රාජ්‍ය බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය නිසා බවත් මේ සබැඳිව හැකිතාක් මහජනතාව දැනුවත් කරන ලෙස ද ඒ මහතා පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    ඊයේ (24) කොල්ලුපිටිය මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වනිගසූරිය මහතා මේ බව අනාවරණය කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya