මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අලුගෝසුවා" වෙනුවට අලුත් නමක්

    ජූනි 24, 2014

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ "වධක" හෙවත් "අලුගෝසු" නාමය වෙනුවට අලුත් නමක් යෝජනා කිරීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.


    මේ සඳහා අලුත් නම් 254ක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත මේ වන විටත් ලැබී ඇත. මීට පෙර නව නාමයන් ඉදිරිපත් කරන ලෙස දන්වා පුවත්පත් දැන්වීමක් පළ කර තිබූ අතර ඒ සඳහා විවිධ නම් ලැබුණි. එම නම් අතරින් ප්‍රාණය සිද දමන්නා, මාරකයා, ප්‍රභාකරන්, වදක මරුවා, දිවි තොර නිළධාරියා යන නම් යෝජනා වී ඇත.


    එම නාමයන් අතරින් එක් නමක් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති අතර එය "ජීවහරන" නම් වේ. එලෙස යෝජනා වී ඇති නව නාමයන් පිළිබඳ භාෂා විශාරදයන්ගේ අදහස් විමසීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙය ඉදිරියේ දී කළමනාකාරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යාංශය පවසයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya