අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභාමැතිවරණ ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට සියලු මාධ්‍ය ආයතන සීරුවෙන්

    මාර්තු 29, 2014

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ සිට අද (29) පැවැත්වුණු බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු මාධ්‍ය ආයතන මේ වනවිට සූදානම් වෙමින් සිටී.


    මැතිවරණ ලේකම් කාර්යාලයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිල ප්‍රතිඵල ඍජුවම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත් කරනු ලබන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අත්සනින් එම ප්‍රතිඵල වහා ම සියලු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදු කෙරේ.


    මේ වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර අද පස්වරුවේ සිට අවසන් ප්‍රතිඵල නිකුත්වන තුරු ම සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සහ අනෙක් සහය නිලධාරීන් වෙත සියලු පහසුකම් සැලසීමේ වගකීම දරයි.


    මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිටින විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම සිය ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට එසැනින් මැතිවරණ ප්‍රතිඵල ලබාදීම සඳහා සිය මාධ්‍ය කුටි සකස්කිරීම අවසන් කරමින් සිටී. ගුවන්විදුලි නාලිකා 20ක් සහ රූපවාහිනී නාලිකා 9ක් සිය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක් ව සිටී.


    මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත ද මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු පියවර ගෙන ඇත.


    මේ ආකාරයෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත්කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු විධිවිධාන යොදා ඇති අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජංගම දූරකතන කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ද නිල ප්‍රතිඵල නිකුත් කරන අතර රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන http://www.news.lk/ මඟින් ද  http://www.sinhala.news.lk සිංහල වෙබ් අඩවියෙන් හා http://tamil.news.lk/ දෙමළ අඩවිය ඔස්සේ ද  එසැනින් ලොව පුරා ම ලබා දීමට පියවර ගෙන ඇත.

     

    HC/pics: PD Ranjith

    PCE GID 140329 national rupavahini

     

    PCE GID 140329

    PCE GID 140329 ITN

     

    PCE GID 140329 ITN

     

    PCE GID 140329 radio channells

     

    PCE GID 140329 radio channells

     

    PCE GID 140329 Swarnavahini

     

    PCE GID 140329 Derana

     

    PCE GID 140329 Hiru

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya