අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීම් අවසන්

    මාර්තු 29, 2014

     

    බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා අද (29) සෙනසුරාදා උදේ 7ට ආරම්භ වූ ඡන්ද විමසීම් සවස හතරට අවසන් විය.
    තෝරා ගැනෙණ පළාත් සභා නියෝජිතයන් ගණන 155 දෙනෙකි. ඡන්දය පැවැත්වූ මධ්‍යස්ථාන ගණන 4252 කි.

     

     

    දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයෝ අද උදෑසනින්ම ඡන්දය දුන් බව මාධ්‍ය මගින් වාර්තා කෙරුණි.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන රාජපක්ෂ මහ විදුහලේදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තර්ස්ටන් විදුහලේදීද ඡන්දය දුන්හ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිය ඡන්දය පාවිච්චි කළේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ පෙර පාසල් භූමියේදීය.

    රාත්‍රී නවය වනවිට තැපැල් ඡන්ද ප්‍රතිපල ද ඇතුළුව පළමු ප්‍රතිපලය ප්‍රකාශයට පත්කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    JR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya