මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාම් බැතිමතුන්ට රටඉඳි පරිත්‍යාග කිරීම අගමැති ප්‍රධානත්වයෙන් Featured

    ජූනි 24, 2014

    රාමසාන් උපවාසයෙහි නිරත ඉස්ලාම් බැතිමතුන් වෙත බෙදාදීම සඳහා රටඉඳි පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාලිගාවත්ත, සතොස ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් සෞදි අරාබිය සහ ඩුබායි රාජ්‍යයෙන් ලබාගත් රටඉඳි මෙ.ටො. 300ක් දිවයින පුරා බෙදාහැරීම මේ යටතේ සිදු කිරීමට නියමිතය. ප්‍රථම අදියර වශයෙන් මෙ.ටො. 150ක රටඉඳි දිවයින පුරා බෙදාහැරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා විසින් ලක් සතොස සභාපති, නලින් ප්‍රනාන්දු මහතා වෙත මෙහිදී නිල වශයෙන් භාර දෙන ලදී.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එච්. සමීල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya