අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට සිදු වූ ‍‍ඓතිහාසික අසාධාරණය නිවැරදි කරනවා Featured

    ජූනි 24, 2014

    දරුවන්ට සිදු වූ ‍‍ඓතිහාසික අසාධාරණය නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා, ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 2500ක ණයක් ලබා ගෙන තිබෙන බවත් දුන්න, ඊතලය අතට ගත් අපේ ආදිවාසීන්ට පරිගණක 40කින් යුතු පරිගණකාගාර ලබාදී තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) බත්තරමුල්ල සුභූති විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    මොණරාගල දිස්ත්‍රික්කයේ රතුගල කනිෂ්ඨ විද්‍යාලයට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත වීම, මොණරාගල මහසෙන් විද්‍යාලයට පිහිනුම් තටාකයක් ලැබීම, පාසල්වලට මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ ලැබෙන විට විරුද්ධවන්නේ දරුවන් ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැති පිරිසක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    අධ්‍යාපනයේ සිදු වී තිබෙන වෙනස මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සහිත මහින්දෝදය ද්විතීයක පාසල්වලට ගිය විට දැකබලා ගතහැකියි. අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයට අප කැමැති වුණත් අකමැති වුණත් තොරතුරු තාක්ෂණයත් සමඟ වෙනස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

    මේ වන විට ඉදිකිරීම් අවසන් කර තිබෙන තිබෙන නව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමට වේලාව මදි වී තිබෙන බවත් පාසල්වල සම්පත් බෙදීයාමේ විෂමතාව ඉවත් කිරීමේ මහින්ද චින්තනයේ සඳහන් වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කන්නන්ගර චින්තනයෙන් නිදහස් අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත්කිරීමට කටයුතු කළ අතර නිදහස් අධ්‍යාපනය ජාත්‍යන්තර පාසල්වල නිත්‍ය උරුමයක් බවට පත් කරනවා කියා නැති බවත් නිදහස් අධ්‍යාපනයට නොනිමි මෙහෙවරක් කළ එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. මෙම පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ ද මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දාට පෙර විවෘත කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya