අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013දී රක‍්ෂණ කර්මාන්තයේ වර්ධනයක් Featured

    ජූනි 24, 2014

    2012 වසර හා සසඳන විට සමස්ත දළ ලිඛිත වාරිකය (GWP) 8.39%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, මුළු වත්කම් 12.9%ක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ඒ අනුව රක්ෂණ කර්මාන්තය 2013 වසරේ දී වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා රක‍්ෂණ මණ්ඩලය පවසයි.


    2013 වසරේ දීර්ඝ කාලීන (ජීවිත) සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවල සමස්ත දළ ලිඛිත වාරික ආදායම රුපියල් මිලියන 94,483ක් වූ අතර, එය 2012 වසර තුළදී ලැබූ ආදායම වන රුපියල් මිලියන 87,171 හා සසඳන විට 8.39%ක වර්ධනයක් ලෙස දැක්වෙයි.


    රක‍්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරික ආදායම රුපියල් මිලියන 53,177ක් විය. 2012 වසරේදී එය රුපියල් මිලියන 49,694ව පැවතිණ. එබැවින්, 2012 වසරට සාපේක‍්ෂව 2013 වසරේදී දීර්ඝ කාලීන හා සාමාන්‍ය රක‍්ෂණ ව්‍යාපාරවල සමස්ත දළ ලිඛිත වාරික ආදායම පිළිවෙලින් 10.22% සහ 7.01% වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරයි.2013 වසර අවසානයේ දී රක‍්ෂණ සමාගම්වල මුළු වත්කම් රුපියල් මිලියන 356,566ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය 2012 වසර අවසානයේ දී පැවති රුපියල් මිලියන 315,817ට සාපේක‍්ෂව 12.9%ක වර්ධනයක් වේ. ඒ අනුව, 2013 වසර අවසානයේ දී දීර්ඝ කාලීන රක‍්ෂණ ව්‍යාපාර වත්කම් රුපියල් මිලියන 217,004ක් විය. (2012 වසර අවසානයේ එය රුපියල් මිලියන 190,642කි). 2013 වසර අවසානයේ සාමාන්‍ය රක‍්ෂණ ව්‍යාපාරවල වත්කම් රුපියල් මිලියන 146,778ක් විය. (2012 වසර අවසානයේ එය රුපියල් මිලියන 131,201කි). ඒ අනුව වර්ධනය පිළිවෙලින් 13.83% සහ 11.87%ක් ලෙස දැක්විය හැකිය.

    2013 වසර අවසානයේ මුළු දීර්ඝ කාලීන රක‍්ෂණ ව්‍යාපාරවලින් 43.33%ක් වන රුපියල් මිලියන 94,024ක් ද (2012 වසර තුළදී එය රුපියල් මිලියන 98,147;51,48%), මුළු සාමාන්‍ය රක‍්ෂණ ව්‍යාපාරවලින් 18.79%ක් වන රුපියල් මිලියන 27,585ක් ද (2012 වසර තුළදී එය රුපියල් මිලියන 29,602; 22.56%ක් විය.) රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ලැබීය. එලෙස, 2013 අවසානයේ දී රුපියල් මිලියන 121,610ක් සාමාන්‍ය රක‍්ෂණ ව්‍යාපාරවලින් සහ දීර්ඝ කාලීන (ජීවිත) රක‍්ෂණ ව්‍යාපාරවලින් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇත. (2012 දී එය රුපියල් මිලියන 127,749කි).

    රක‍්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 98 වැනි වගන්තිය යටතේ, මණ්ඩලය, රක‍්ෂණ ඔප්පු හිමියන්ගේ රක‍්ෂණ හිමිකම් පිළිබඳ ගැටලු  හා රක්ෂණ නියෝජිතවරුන්ගේ සුදුසුකම් පිළිබඳ පැමිණිලි සොයා බලනු ලැබේ. මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා රක‍්ෂණ මණ්ඩලය එවැනි පැමිණිලි 298ක් විමර්ශනයට ලක් කර ඇත.



    ශ්‍රී ලංකා රක‍්ෂණ මණ්ඩලය යටතේ රක‍්ෂණ සමාගම් (රක‍්ෂණකරුවෝ) විසි එකක් (21) ලියාපදිංචි වී ඇත. ඉන් දොළහක් (12) සංයුක්ත සමාගම් (සාමාන්‍ය සහ දීර්ඝ කාලීන රක‍්ෂණ ව්‍යාපාර) වන අතර සමාගම් හයක් (06) සාමාන්‍ය රක‍්ෂණ ව්‍යාපාර සඳහාද, සමාගම් තුනක් (03) දීර්ඝ කාලීන (ජීවිත) රක්ෂණ ව්‍යාපාර පමණක් සිදු කරනු ලබයි.
     

    රක‍්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 82 වැනි වගන්තිය යටතේ රක‍්ෂණ තැරැව්කාර සමාගම් 59ක් ශ්‍රී ලංකා රක‍්ෂණ මණ්ඩලය යටතේ ලියාපදිංචිව සාමාන්‍ය රක‍්ෂණ තැරැව්කාර ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් යෙදී සිටියි.

    රක‍්ෂණ තැරැව්කාර සමාගම් විසින් ලබාදුන් තොරතුරු පරිදි, 2013 වසරේදී රක්ෂණ තැරැව්කාර සමාගම් මගින් සාමාන්‍ය රක‍්ෂණ වාරිකවලින් ජනනය කළ ආදායම රුපියල් මිලියන 14,192ක් වූ අතර (2012 වසරේදී එය රුපියල් මිලියන 12,532කි) දීර්ඝ කාලීන (ජීවිත) රක‍්ෂණ ව්‍යාපාර වාරිකවලින් ජනනය කරන ලද ආදායම රුපියල් මිලියන 191කි. (2012 වසරේදී එය රුපියල් මිලියන 195කි).

    ඒ අනුව 2013 වසරේදී රක්ෂණ තැරැව්කාර සමාගම් විසින් ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවලින් උපයන ලද දළ ලිඛිත වාරික ආදායම රුපියල් මිලියන 14,383ක් ද විය. ඊට සාපේක‍්ෂව 2012 වසරේදී ජනනය කළ ආදායම රුපියල් මිලියන 12,727ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 13.02%ක වර්ධනයක් ලෙස පෙන්නුම් කෙරේ.

    වර්ෂ 2000 අංක 43 දරණ රක‍්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව ශ්‍රී ලංකා රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු වන්නේ ශ්‍රී ලංකා රක‍්ෂණ මණ්ඩලය මගිනි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya