අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සමුළුව අද සිට

    ජූනි 23, 2014
    2014 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා  සමුළුව හා සම්මාන ප්‍රදානය අද (23) සිට 26 දා දක්වා දකුණු කොරියාවේ ෂියෝල් අගනුවර පිහිටි කොරියානු ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විමට නියමිතය. 
     
    එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව (UNDESA) තවත් සංවිධාන කීපයක් සමඟ එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වන්නේ “මානව යහ පැවැත්ම හා තිරසාර සංවර්ධනය සඳහා නව්‍ය පාලන ව්‍යුහය” යන්නයි.
     
    කොරියානු රජයේ ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා “රාජ්‍ය සේවය තුළ මානව සම්පත් කළමනාකරණයේ නව්‍යතා ”මැයෙන් වන දේශනය  මෙම සමුළුවේ 5 වන සැසිය යෙදෙන ලබන 25 වනදා සිදු කිරීමට නියමිතය.
     
    මෙම සමුළුවට සමගාමීව 2014 වර්ෂය සඳහා වූ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සම්මාන ප්‍රදානෝත්සවය සහ ඊ - රාජ්‍ය සේවා සම්මාන ප්‍රදාන උත්සවයටද අමාත්‍යවරයා සහභාගීවේ. එම උත්සවය හෙට (26) දා පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya