අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැක Featured

    ජූනි 24, 2014

    අද (24) දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මඩකළපුව හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක  37.3 මොනරාගල හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9 නුවරඑළියෙන් ද මි.මී. 33.3ක උපරිම වර්ෂාපතනය​ හැටන්, කොටගල රොසිටා ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya