අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ ගමනාගමන ප්‍රවාහන ගැටලු විසඳීමට පියවර

    ජූනි 23, 2014
    උතුරු මැද පළාත සහ ඒ ආශ්‍රිතව දීප ව්‍යාපත්ව ධාවනයේ යෙදෙන පොදු මගී ප්‍රවාහන සේවාවන්වල ගැටලු විසඳීමේ විශේෂ හමුවක් පසුගියදා උතුරු මැද පළාත් මහ ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.
     
    උතුරු මැද පළාත් ප්‍රවාහන අමාත්‍ය එච්.බී සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, එහිදී උතුරු මැද පළාත ආශ්‍රිතව පොදු ප්‍රවාහන සේවාවේ පවතින ගැටලු රැසක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
     
    ඒ අනුව උතුරු මැද පළාත හරහා ධාවනය වන දුරගමන් සේවා බස් රථවලින් පළාත්බද සේවා බස් රථ කෙරෙහි ඇතිවන බලපෑම්, මාර්ගයේ ඇතිවන අහිතකර තරගය, ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය, ගුණාත්මක සේවයක් සඳහා  ජංගම පරීක්ෂකවරුන්ගේ සේවාව විධිමත් කරන ආකාරය ආදී කරුණු කෙරෙහි අවධානය යොමු විය.
     
    එසේම ඉතා දුෂ්කර ප්‍රදේශ රැසකින් සමන්විත උතුරු මැද පළාත සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක සිසුසැරිය, ගැමිසැරිය හා නිසිසැරිය යන සේවාවන් තවදුරටත් ව්‍යාපත්ත කිරීමට මෙහිදී තීරණය විය.  ඒ සඳහා අවශ්‍ය කරන සියලු තොරතුරු හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබාදෙන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන් වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි පරිදි දුම්රිය සේවාවට සමගාමීව නිසිසැරිය බස් රථ සේවා යෙදවීමට කටයුතු කරන බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
     
    මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ. බුද්ධදාස, උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්.එම්.පී.බී. විජේසූරිය යන මහත්වරුන් ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්,  උතුරු මැද පළාත් ප්‍රවාහන  අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  
     
    මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අන්තර් පළාත් සේවාවන්හි ධාවනයේ යෙදෙන බස්රථ හිමියන් අතර හමුවක් ද එදින පස්වරුවේ උතුරු මැද පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.
     
    මෙහිදී එම බස් හිමියන් විසින් මගී ප්‍රවාහන සේවාවේ යෙදීමේදී තමන්ට ඇතිවන ගැටලු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන් ලංගම බස් රථ ධාවනයට එක්කිරීමේදී ගැටුම්කාරී අවස්ථාවන් බොහෝ ඇතිව තිබෙන බවද  ඔවුහු පෙන්වා දුන්හ. එහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ, මෙම ගැටලු විසඳීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි ඒකාබද්ධ කාලසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
     
    එබැවින් හැකි ඉක්මනින් ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කරන  ලෙසත්,  එමගින් තමන්ට ශ්‍රී ලංගමයෙන් ඇතිවන බලපෑම අවම කරගැනීමට හැකි වන බවත් ඔවුන් පෙන්වා දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාවට ද උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්.එම්.පී.බී. විජේසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya