අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයට අයත් බව තහවුරු වේ

    ජූනි 23, 2014
    ශ‍්‍රී ලංකාවේ මැටි සොහොන්වල අඛණ්ඩ ඉතිහාසය තහවුරු කරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දුම්මලසූරිය පැරණි සුසාන කැණීමේ කාබන් කාල නිර්ණ වාර්තා මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. 
     
    2013 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මෙම කැණීමෙන් හමු වූ අඟුරු නියැදි විකිරණශීලී කාබන් 14 කාල නිර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලිසීස් ආයතනය වෙත ලබා දෙන ලදී. ඔවුන්ගෙන් ලැබුණු වාර්තාවලට අනුව දුම්මලසූරිය මැටි ඔරු සුසානවල අතීතය ක‍්‍රිස්තු වර්ෂ 2 - 3 සියවස් දක්වා දිවයන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ශ‍්‍රී ලංකාව තුළ පූර්ව ඓතිහාසික යුගයට අයත් මැටි සොහොන් මෙතෙක් හඳුනාගෙන තිබුණේ ක‍්‍රිස්තු පූර්ව 2 - 3 කාලය දක්වා පමණි. මෙම නව කාල නිර්ණයත් සමඟ ලංකාවේ මෙගලිතික යුගයේ ආදිතම මානවයාගේ සුසාන සම්ප‍්‍රදායන් භාවිත කළ ක‍්‍රමය වෙනස් වෙමින් ඓතිහාසික යුගය දක්වා ම අඛණ්ඩව පැවති බවට ඉන් තහවුරු වේ.
     
    දුම්මලසුරිය නගරයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘතියකදී කළු ගල් හෑරීමේදී මෙම මැටි ඔරු සුසාන හමු විය. ඒවා විනාශවීම වළක්වා ආරක්ෂා කිරීමේ සහ සුසානවල තැන්පත් කර ඇති භාණ්ඩ අනාවරණය කර ගැනීමේ අරමුණින් මෙම කැණිම සිදු කරන ලදී. 
     
    මෙහිදී විනාශ වී තිබූ සුසාන ගර්භ 04ක් අනාවරණය කර ගත හැකි විය. ඊට අමතරව ආරක්ෂා වී තිබූ සුසාන ගර්භවලින් මැටි බඳුන් 17ක අවශේෂ හමු විය. ඒවා අතර විශාල බරණි, මුට්ටි හා තැටි ද විය. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද මෙම වර්ගයේ සුසාන කැණීම්වලින් ලැබුණු පසුකාලීන ම දින නිර්ණය මෙය බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya