අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජාතීන් අතර බේද ඇති කරන ආකාරයේ ප්‍රකාශයන් ඉදිරිපත් කරන අයට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්න

    ජූනි 23, 2014
    ජනාධිපතිතුමා බදුල්ලේ දී පොලිස්පතිවරයාට නියෝග කරයි
     
    රටේ ජාතීන් අතර බේද ඇති කරන ‍ආකාරයේ ප්‍රකාශයන් ඉදිරිපත් කරන පුද්ගලයින්ට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට  නියෝග කර ඇත.
     
    ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැති ඇමතිවරුන් කැඳවා පසුගියදා බදුල්ලේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
     
    එමෙන්ම, පානදුර නෝලිමිට් ආයතනයට සිදු වී ඇති හානි පිළිබඳව කඩිනමින් වාර්තාවක් තමා වෙත ලබා දෙන මෙන්ද මෙහිදී ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත නියෝග ලබා දුන්නේය.
    බේරුවල, අලුත්ගම ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම සිද්ධීන්වලින් දේපළ හානි වූවන්ට ඉතා ඉක්මනින් වන්දි ලබා දීමට කටයුතු කරන මෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දෙන ලදී.
     
    තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුස්ලිම් ජනතාව සමඟ ඉතා සුහද සම්බන්ධතාවයකින් කටයුතු කරන තමන් එම ජනතාවට කරදරයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය. අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකලාපයන් තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් රටේ සාමය හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම විටම නොපැකිළිව අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපතිතුමා මෙහිදී තහවුරු කර සිටියේය. 
     
    එමෙන්ම, බේරුවල හා අලුත්ගම සිද්ධීන්වලට රජය සම්බන්ධ බවට සමහර මුස්ලිම් දේශපාලකයින් කර ඇති ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබිනි.  
     
    මෙම රජය මුස්ලිම් ජනතාව ඇතුලු සියලු ජන කොට්ඨාසවලට එකම ආකාරයට සලකන අතර ඔවුන්ට පූර්ණ ආරක්ෂාවද ලබා දෙන බව පැවසූ ජනාධිපතිතුමා ජනතාවගේ ඡන්දය ඉලක්ක කරගෙන පටු දේශපාලනිකව තම රජය ක්‍රියා‍ නොකරන අතර  රටේ එක්සත් භාවය හා ජාතික සමගිය සඳහා සෑම විටම ක්‍රියා කරන බවද අවධාරණය කළේය.
     
    මෙම සාකච්ඡාවේදී රැස්ව සිටි මුස්ලිම් දේශපාලන නායකයින් තමන් ජනාධිපතිතුමන් කෙරෙහි පූර්ණ ලෙස විශ්වාසය තබා කටයුතු  කරන බව එකහෙළා ප්‍රකාශ කළහ.
     
    මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, ඒ.එච්.එම්.ෆවුසි, රාවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා,  ඒ.එල්.එම්.අතාවුල්ලා, රිෂාඩ් බදියුදීන්, බෂීර් සේගු ඩාවුඩ් යන අමාත්‍යවරුන් සහ ෆයිසර් මුස්තාෆා, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතාද සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya