අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සමාරම්භක උත්සවය ඇමති බැසිල්ගේ ප්‍රධානත්වයෙන්

    ජූනි 22, 2014
    ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමය නිල වශයෙන් ආරම්භ කිරීම  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. 
     
    මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින්  සංගමයේ  වෙබ් අඩවිය නිල වශයෙන් එළිදක්වනු ලැබීය. ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමය, මෙරට ඇඟළුම් කර්මාන්තය හා සම්බන්ධ වෘත්තීය ආයතන ගණනාවකගේ සහයෝගීත්වයෙන් සැදුම් ලද්දකි. ඇඟළුම් නිෂ්පාදකයින්, රෙදි හා අනුබැඳි උපකරණ නිෂ්පාදකයින්, සහායක සේවා, ගැණුම් කාර්යාල හා ගනුදෙනුකරුවන්ගේ නියෝජිතයින් සහ ශී‍්‍ර ලංකාව තුළ ඇඟළුම් කර්මාන්තයට අදාළ අනෙකුත් අනුබද්ධිත ක්ෂේත‍්‍රයන් හි දායකත්වය ඊට ලැබී තිබේ.  
     
    ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමය කර්මාන්තය වෙත අලුතෙන් පිවිසෙන කර්මාන්තකරුවන් වෙත සිය සන්නාමය ගොඩනංවා ගැනීමට පහසුකම් සපයන්නෙකු ලෙසින් සිය කටයුතු මෙහෙයවනු ලබන එය ගෝලීය වශයෙන් තම නිෂ්පාදිත ලොව පුරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලීමට ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරිමට බලාපොරොත්තු වේ. 
     
    එසේම ආනයනික ආදේශක භාණ්ඩ හා තරග කරමින් දේශීය ව්‍යාපාරිකයින් සවිබලගන්වා කර්මාන්තයේ කීර්තිනාමය වැඩි දියුණු කරලීම ද ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ තවත් එක් අරමුණකි. 
     
    උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශනය කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා විසින් පවත්වනු ලැබීය. 
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා, ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    DSC 0389
     
     
    DSC 0406
     
    DSC 0412

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya