අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු දුරලීමට ඒකාබද්ධ මෙහෙයුමක් හෙට සිට

    ජූනි 19, 2014
    ඩෙංගු උවදුර පැතිරයාමේ අවදානම් තත්ත්වයට පිළියමක් ලෙස බස්නාහිර පළාත තුළ ග්‍රාම නිලධාරී වසම් 84ක් ආවරණය කරමින් ඩෙංගු උවදුර දුරලීමේ තෙදින මෙහෙයුමක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සැලසුම් කොට ඇත. මෙම වැඩසටහන හෙට (20) සිට තෙදිනක් පුරා පැවැත්වේ. 
     
    ඒ අනුව කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 21ක්ද, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශය තුළ කොලොන්නාව, දෙහිවල, රත්මලාන, මොරටුව, මහරගම හා පිළියන්දල ප්‍රදේශ තුළ ග්‍රාම නිලධාරී වසම් 15ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 25ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 23ක් ද ආවරණය කිරීමට නියමිතය.
     
    මෙමඟින් බස්නාහිර පළාත තුළ ආයතන හා නිවාස පරිශ්‍රයන් 104,708ක් පරීක්ෂාවට ලක්කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ අතරින් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන 71541ක් ද, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශය තුළ ස්ථාන 15682ක් ද, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 10352ක් ද, කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 7133ක් ද පරීක්ෂා කෙරේ.
     
    මෙම පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා කොළඹ නගර සභා බල ප්‍රදේශය සඳහා කණ්ඩායම් 1431ක් ද, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශය සඳහා කණ්ඩායම් 315ක් ද, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 207ක් ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 143ක් ද යොදවනු ලැබේ. 
     
    මේ සඳහා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්, පරිපූරික වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා සමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් යොදවනු ලැබේ.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya