මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී පරිසරයක් පවතින අවස්ථාවේ ඊට බාධා එල්ලවීම සංවේගයට කරුණක්

    ජූනි 19, 2014
    අප මව්බිමෙහි වෙසෙන බෞද්ධ, හින්දු, කිතුනු, මුස්ලිම් සැවොම නොසිඳෙන නොබිඳෙන පවුරක් ලෙසින් ශක්තිමත්ව සතුටින් සාමයෙන් සහෝදරත්වයෙන් එකමුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් රට තුළ නිර්මාණය වෙමින් පවතින අවධියක ඊට බාධා එල්ලවන අන්දමේ සිදුවීම් අසන්නට දකින්නට ලැබීම සංවේගය උපදවන කරුණක් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.
     
    "දේශයට එරෙහිව විදේශීය බලවේග ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ සියලු වාදභේද දුරලා එක්සිත්ව ඒවාට මුහුණ දිය යුතුව ඇත. රටේ අනාගතය රැඳී පවතින්නේ සමඟියේ සන්සුන් භාවයේ පදනම මත විනා අසමගියේ වෙන්වීමේ ක්‍රියාදාමයන් තුළ නොවන බව අවබෝධ විය යුතුය".
     
    දේශීය විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ කූට උපක්‍රමයන්ට හසුනොවී දිනාගත් නිදහස හා සාමය ආරක්ෂා කොට ගෙන රට සංවර්ධනය කරා යන ගමනට දායක වන මෙන්ද උන්වහන්සේ සාමය හා සමෘද්ධිය අගය කරන දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya