අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක්

    මාර්තු 28, 2014

    හෙට (29) පැවැත්වීමට නියමිත බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණය සාමාකාමීව පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 25,000ක පමණ පිරිසක් යොදවා විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අපට ප්‍රකාශ කළේය.

     

    ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක සීමාව ඇතුළතට කිසිදු වාහනයක් ඇතුළුවීම තහනම් මෙන්ම අපේක්ෂයෙකුට හැර ඔහුගේ සහයෙකුට හෝ අනුගාමියෙකුට හෝ ඒ ප්‍රදේශයට ඇතුළු විය නොහැකිය.

     

    එසේම මංමාවත්වල සිට ඡන්දය ආයාචනා කිරීම, තමන්ගේ ඡන්දය අන් අයෙකුට පාවිච්චි කිරීමට දීම, අන් අයකු සේ පෙනී සිටිමින් ඡන්දය පාවිච්චි කිරිම තහනම් වෙයි.

     

    මැතිවරණ දිනයේ එම වැරදි කරන කවරකු වුවද අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසිය සතුව ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

     

    JR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya