සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත එම ඉල්ලීම් සළකා බලා ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (29) පෙරවරුවේ හෘද පෙනහළු නිමේෂකයින්ගේ සංගමය වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි. එම නිසා රෝගී ජීවිත පිළිබඳ සළකා සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වර්ජිත සේවකයින්ගෙන් ඉල්ලා සිටි. 2006/6 චක‍්‍රලේඛය අනුව වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල, කරාපිටිය සහ මහනුවර ශික්ෂණ රෝහල්වල හෘද පෙනහළු නිමේෂකයින් පසුගිය සදුදා සිට වර්ජනයක නිරතවී සිටිති.