මෙම උත්සවය වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ‍්‍රී ලාංකීය සමාජයේ බෝනොවන රෝග දිනෙන් දින ඉහළ යන බව සමික්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරයි. හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වැනි බෝනොවන රෝග මේ අතර ප‍්‍රධාන තැනක් ගනී. එහෙත් කාන්තාවන්ට පමණක්ම සුවිශේෂ වූ බෝනොවන රෝග ගණනාවක්ම වන අතර, ඒ අතරින් පියයුරු පිළිකා සහ ගැබිගෙල පිළිකා ශ‍්‍රී ලාංකීය කාන්තාවන් අතර සුලබ පිළිකා දෙවර්ගයයි. ගැබිගෙල පිළිකාව වැළැදීමට පෙර හදුනාගෙන නිසි ප‍්‍රතිකාර සදහා යොමුවීමෙන් සම්පුර්ණයෙන් වළක්වා ගත හැකි රෝගයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එමෙන්ම පියයුරු පිළිකා මුල් අවස්ථාවේ හඳුනාගැනීම තුළින් සම්පුරණයෙන් සුව කිරීමට හෝ සංකූලතා වළක්වාගෙන යහපත් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරිමට හැකිය. මෙම රෝග කළින් හදුනා ගැනීම සදහා පරීක්ෂා කිරිමට රජය මගින් නොමිලයේ පවත්වනු ලබන සුවිශේෂි සායනය සුවනාරි සායනයයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීමේ උත්සවය පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබයි.