සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේ ඊයේ(02) පැවති සාගර සමුළු සංස්කෘතික සැසිය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය සාගර කලාපයේ රටවල පවතින පූජනීය සංස්කෘතිය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කරලීම අප සැමගේම වගකීම බව ය.
ඉන්දීය සාගර කලාපයට බලපාන ආරක්‍ෂක, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය සාගර සමුළුව සැප්තැම්බර් 01 සහ 02 සිංගප්පූරුවේ දී පැවැත්විණ.
සංස්කෘතිය හා සංවර්ධනය අතර සබඳතාවයන් පිළිබඳව මීට පෙර නොසලකා සිටිය ද මේ වන විට එහි වටිනාකම සියලූ දෙනා අවබෝධ කර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා එය කළමනාකරණය කිරීමේ වැදගත්කම සහ සංවර්ධනයේ දී සංස්කෘතිය ද ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය යුතු බව ද අවධාරණය කළේ ය.
සංස්කෘතිය හා පරිසරය රැකගැනීම තුළින් කලාපයේ සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීමට සියලු දෙනා කැපවිය යුතු යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.