ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සහ නියෝජිතයින් සමග ඊයේ(02) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි
“රට කැඞීමේ සංහිඳියා බටහිර කුමන්ත‍්‍රණය” මැයෙන් අද දින පුවත් පතක පළ වී තිබූ ලිපියක් පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් සියලූදෙනාට බියෙන්, සැකෙන් තොරව ජීවත්විය හැකි රටක් ගොඩනගන සංහිඳියා වැඩපිළිවෙලට ඇතැම් අන්තවාදීන් ලබා දෙන මෙම වැරදි අර්ථ නිරූපනය සහ විග‍්‍රහය පිළිබඳ තමා ඉතා කණගාටු වන බවයි.
මෙම වැරදි අර්ථ නිරූපන තුළින් රටේ අනාගත පරපුර තුළ ද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස ද සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරි මාස 03 ක පමණ කාලය තුළ උතුරේ අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මැනුම් කටයුතුවල ප‍්‍රමාදයන් හේතුවෙන් එම කටයුතු ප‍්‍රමාද වී තිබුණ ද සියලූ ඉඩම් හදුනා ගැනීම මේ වන විට අවසන් කර ඇති බවත්, ඒ පිළිබඳ කඳවුරුවල වෙසෙන ජනතාවට ලිඛිතව දන්වා ඇති බවත් ප‍්‍රකාශ කළේය.
උතුරේ සහ දකුණේ අන්තවාදීන් බොහෝ දේ පිළිබඳ වැරදි විග‍්‍රහයන් ලබා දුන්න ද වසර 30 ක බරපතල යුද්ධයක අත්දැකීම් සමඟ උතුරේ සහ දකුණේ ජනතාවගේ පෑරි තිබූ හදවත් සුවපත් කරමින් ඉදිරියට යන ගමන පැය 24 කින් ඉටු කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.
රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස, වංචා හා දුෂණ පිටුදැකීම මේ සියල්ල සාර්ථක කර ගැනීමේ ගමනක ආරම්භය තමා මේ වන විට සනිටුහන් කර තිබෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මේ සදහා සෙමෙන් එහෙත් සාර්ථක ගමනක් යාමට තමාට අවස්ථාව ලබා දෙන ලෙස ද සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ශි‍්‍ර ලංකාව අතර ඇති සබදතා ප‍්‍රබල ලෙස ශක්තිමත් කිරීමට එම සංචාරය ඉවහල් වූ බවයි.
වර්තමාන ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ජගත් මහලේකම්වරයා ඉතා පැහැදීමෙන් සහ සතුටින් කථා කළ බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් තම නායකත්වය තුළ ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහාය ලබාදෙන බව ජගත් මහලේකම්වරයා පැවසූ බව ද කියා සිටියේය.
2009 වසරේ ද තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එදා දුටු ශී‍්‍ර ලංකාවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු වූ තර්ජන, බියවැද්දීම් නොමැති මෙන්ම සියලූ ජනකොටස් අතර සාමය සහ සම`ගිය තහවුරු වූ ශී‍්‍ර ලංකාවක් මෙම සංචාරයේ දී තමා දුටු බව බෑන් කී මුන් මහතා ප‍්‍රකාශ කළ බව ද ජනාධිපතිතුමා පැවසීය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 04 වනදා කුරුණෑගල දී ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර රටේ පොදු අරමුණු ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් පැවැත්වෙන මෙම අභිමානවත් උළෙල සඳහා රටට ආදරය කරන සියලූ ජනතාව ඒකරාශී වනු ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
pmd