අදාළ බදු සංශෝධනය පසුගිය 20දා සිට ක්රියාත්මක ය. මෙතෙක් එම බද්ද පැවතියේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 3.00ක් ලෙස ය. ඒ අනුව නව නිෂ්පාදන බද්ද රුපියල් 13.00කි.
අදාළ බදු සංශෝධන හේතුවෙන්, වෙළෙඳ පොළේ ඩීසල් මිල ඉහළ යාමක් සිදු නොවේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් පහත බැස ඇති බැවින්, එහි වාසිය රජයට ලබා ගැනීම මෙම බදු සංශෝධනය මඟින් අපේක්ෂා කෙරේ.