නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ගුරු පත්වීම් 1038ක් Featured

    අගෝස්තු 27, 2016

    මෙරට පාසල් පද්ධතියේ දැනට 60,000ක ගුරු හිඟයක් පවතින බවත්, 40,000ක ගුරු අතිරික්තයක් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     ඒ අනුව සැබැවින් ම පවතින්නේ 20,000ක ගුරු හිඟයක් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ තත්ත්වය වෙනස් කරමින් සියලු පාසල්වල ගුරු තුලනයක් ඇතිකිරීම වෙනුවෙන් ඉදිරියේ දී කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ පැවති උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව ඉගැන්වීම සඳහා අලුතින් බඳවාගත් ගුරුවරුන්ට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී 1038 දෙනෙකුට ගුරුපත්වීම් ලිපි ප්‍රදානය සිදු වූ අතර එහි උපාධිධාරීන් 862 දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් 176 දෙනෙකු වශයෙන් පත්වීම් ලැබූහ.

    උසස් පෙළ තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය යන විෂයන් සහ උසස් පෙළ විද්‍යා/ගණිත/වාණිජ්‍යය/තොරතුරු තාක්ෂණය/බටහිර සංගීතය විෂය ඉගැන්වීම වෙනුවෙන් මෙම ගුරුවරුන් බඳවා ගැනීම සිදු කෙරිණි.

    මෙම පත්වීම් සියල්ල ඉතා විනිවිදභාවයෙන් යුතුව, තරග විභාග ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූ අයගේ කැමැත්ත විමසමින් එහිදී ඔවුන් විසින් ඉල්ලා සිටි පාසල්වල පවත්නා පුරප්පාඩුවලට ප්‍රමුඛතාව ලබාදෙමින්, බඳවාගැනීමේ ක්‍රමවේදවලට අනුකූලව මෙම සියලු පත්වීම් ලබාදුන් බව ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

    2015 වසරේ සිට සියලු ගුරු පත්වීම් ලබාදීමේ දී පාසල පදනම් කරගෙන පත්වීම් ලබාදීම සිදුකරනු ලබයි.

    තාක්ෂණ විෂයධාරාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ සියලු ගුරුවරුන් පවතින පහසුකම් යටතේ පවතින සම්පත් යොදාගනිමින්, අදාළ විෂය පිළිබඳ ප්‍රවීණත්වයට පත්වෙමින් දරුවන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නවක ගුරු පිරිසගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ් එම් බන්දුසේන මහතා, අධ්‍යාපන සේවා ආයතන අතිරේක ලේකම් අයි එම් කේ බී ඉලංගසිංහ මහතා ඇතුළු අධ්‍යාපන විෂය භාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya