නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ආනන්ද් ප්රකාශ් බඩෝලා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
“සමාර්ත්” නෞකාව හෙට (20) ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිත අතර, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කීපයකට සහ සුහද අත්පන්දු තරගාවලියකට ද එහි නැව් මුළුව සහභාගිවීමට නියමිතය.