නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය බත්තරමුල්ලට Featured

    අගෝස්තු 21, 2016
    කාර්යක්ෂම හා කඩිනම් සේවා තවදුරටත් පුළුල් කරමින් මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ආගමන විගමන දෙපාර්තමේන්තුව අගෝ: 29දා සිට බත්තරමුල්ල "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට නියමිතය.
     
    මේ හේතුවෙන් කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයේ හා මහනුවර, මාතර, වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලයන් හි  අගෝ: 26දා මහජන සේවාවන් ක්‍රියාත්මක නොවනු ඇත.
     
    අගෝ: 29දා විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවාය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව සිදු කෙරෙන අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවේ.
     
    නමුත් අගෝ: 26 හා 29 දිනවලදී ගුවන් තොටුපල හා වරාය මගී නිෂ්කාශන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya