මෙම සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් (Tony Tan Keng Yam) මහතා සහ අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන වික්‍රමසිංහ මහතා 18 සහ 19 දෙදින තුළ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ දී පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට ද නියමිතය.
මෙම සමුළුව සඳහා සාම්භාව්‍ය අමුත්තන් දහසක් පමණ සහභාගී වන අතර, කලාපයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන් 50 කට අධික පිරිසක් ද එක් වනු ඇත. කලාපීය අනාගතයට බලපාන ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළද ක්ෂේත්‍රයන් සම්බන්ධවත්, 21 වන සියවසෙහි ලෝක දේශපාලන කරලියෙහි දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල යන මහත්වරුන් ද මේ සංචාරයට එක් වෙති.