නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18417කට පොදු සමාව

    ජූලි 14, 2016

    indexනිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා සිය නිශ්කාෂණ ලබා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය තුළ දී 18417ක ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

    ඒ අනුව යුද හමුදා සාමාජිකයන් 16920ක්, නාවික හමුදා සාමාජිකයන් 868ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 629ක් මෙම පිරිසට අයත් වෙති.පොදු සමා කාලය පසුගිය ජුනි 13දා සිට ජුලි 12දා දක්වා ක්‍රියාත්මක වුණි.

     

    මෙම පොදු සමා කාලසීමාව ඉක්මයාමෙන් අනතුරුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කෙරෙනු ඇත. ප්‍රථම වතාවට සේවය හැරගිය අයවළුන් සඳහා ත්‍රිවිධ හමුදාව සඳහාම එකවර ලබා දෙන ලද මෙම පොදු සමාකාලය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මකව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya