නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ යල්පැනගිය පනත් සංශෝධනයට පියවර

    ජූලි 13, 2016

    අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළ යල් පැන ගිය සියලු පනත් සංශෝධනයට ඉදිරියේ දී පියවර ගන්නා බවත්, ඒ අනුව පරිවේණාචාර්ය නායක හිමිවරුන්ගේ ද උපදෙස් ඇතිව ඉදිරියේ දී පිරිවෙන් පනත ද සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට අලුතින් බඳවාගත් නව පරිවේණාචාර්යවරුන් 207ක් පත්වීම් ප්‍රදානය ඊයේ අධ්‍යාපන අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

     
    එමෙන් ම පිරිවෙන් ක්ෂේත‍්‍රයේ පවත්නා ගැටලු සම්බන්ධව තවදුරටත් සොයා බලමින් මනා සම්බන්ධීකරණයක් යටතේ දිස්ත‍්‍රික් සහ ජාතික මට්ටමින් නායක ස්වාමීන් වහන්සේ ද සම්බන්ධ කරගනිමින් මේ සඳහා අවශ්‍ය  මැදිහත්වීම සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    වත්මන් රජය කිසිවිටෙකත් ජනතාවට බරක් වන පරිදි බදු පැනවීමට අදහස් නොකරන බවත් ඇතිකර තිබෙන මාධ්‍ය නිදහස තුළ විවිධ පාර්ශව විසින් සමාජය තුළ දුර්මත පළ කරනු ලැබූව ද,  රජය අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ පහළ දැමීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     එමෙන්ම පසුගිය කාලයේ 18% ‍-20‍% අගයන්හි පැවති බදු ප‍්‍රතිශතයන් ද පහළ දැමීමට වත්මන් රජය ක‍්‍රියා කර ඇති බවත්, පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස ලබාගත් ණය පියවීම වෙනුවෙන් සහ සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් වෙනුවෙන් රජයට විශාල පිරිවැයත් යෙදවීමට සිදුවන නිසා ඉතා සුළු ප‍්‍රතිශතයකින් බදු වැඩිකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya