ලෝකයේ ඉතා ඉහළ වැටුප් සහිත රැකියා ශ‍්‍රී ලංකාවට නොලැබී ඇත්තේ ඉංගී‍්‍රසි දන්නා ශ‍්‍රමිකයින් නොමැති නිසා බවත් ඉංගී‍්‍රසි භාෂාව දන්නා ශ‍්‍රමිකයින්ව ඇමරිකානු ඩොලර් 600 සිට වැටුප් තලයකට විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
මධ්‍යම පළාත් බලපත‍්‍රලභී විදේශ රැකියා නියෝජිතයින්ගේ හමුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මහනුවරදී මේ බව පසුගියදා සඳහන් කළාය.
අපි ශ‍්‍රමිකයෝ යවලා විදේශ විනිමය ගෙන්න ගන්න බලා පොරොත්තු වෙනවා නම් අපි උපරිම මට්ටමකින් පුහුණු ශ‍්‍රමිකයෝ යවන්න කටයුතු කරන්න ඕනෙ. ගෘහ සේවිකාවන්ට අපි දින 40 ක පුහුණු කාලයක් ලබා දීලා තියනවා. ඒ දින 40 නතරවෙලා ඉන්නත් ඕනෙ. ඉදිරියේදී රැකියා අපේක්ෂිත අයට විභාගයකුත් ලියන්නට වෙනවා. පස්සේ අනිවාර්යෙන්ම ඉංගී‍්‍රසිත් ඉගෙන ගන්න වෙනවා. ලෝකයේ ගොඩාක් වෙළෙඳපොළ අවස්ථා නැති වෙන්නේ ඉංගී‍්‍රසි නැති නිසා යැයි කියා
අපට යුරෝපයේ රැකියා අවස්ථා ඇවිත් තිබෙනවා. නමුත් ඉංගී‍්‍රසි නැති නිසා එම අවස්ථා මඟ හැරී යනවා.අපි අනිවාර්යයෙන්ම මාස 3ක විතර ඉංගී‍්‍රසි පාඨමාලාවක් පටන් ගන්නවා. ඒ සඳහා අපේම කියන මධ්‍යස්ථාන පටන් අරන් තියනවා. අනාගතයේදී යන්න බලාපොරොත්තු වෙන අයට ඉංගී‍්‍රසි පාඨමාලාවක් බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ක පවත්වලා සහතිකයක් ලබා දෙනවා. අපි අවම වැටුප ඩොලර් 300 කලා පසුගිය අයවැයෙන්. ඒ අනුව ඉංගී‍්‍රසි දන්න හොඳ පුහුණවක් ලැබූ අයෙක් ඩොලර් 600ක පමණ වැටුපකට යවන්න බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
අමාත්‍යතුමිය මෙම මාධ්‍ය හමුවේදී මෙලෙසද කියා සිටියාය. මේ අමාත්‍යංශය නිසා හිත මගේ හිත රිදුණු වාර ගොඩාක් තියනවා. සමහර අවස්ථාවල තාත්තලා ආබාධිත දරුවව ගෙනත් මගේ මේසේ උඩින් තියනවා. අම්මා රට ගිහින් මම මේ දරුවත් එක්ක මොකද කරන්නේ කියලා. ඉතින් මේකට උත්තරේ තියෙන්න ඕනි තාත්තා ගාවද. ඒජන්සිය ගාවද. අම්මා ගාවද. මේ නිසා තමයි අපිට නීති රීති තද කරන්න වෙලා තියෙන්නේ. මෙතන තියනවා සමාජමය ප‍්‍රශ්නයක්. මේක තේරුම් ගන්න ඕනි. අර කමිෂන් එක දුන්නාම ඉක්මනට රට යවනවා. තාත්තා වෙන කාන්තාවක් හොයා ගන්නවා. තාත්තා මේ අම්මා ගෙන්නලා ගන්න උත්සාහ කරනවා. ඇයි අර ළමයාව බාර දීලා නිදහස් වෙන්න. සමහර අය මුදල් ලක්ෂ 2ක් දීලා කියනවා යන්න මාස 2ක්න ආපහු එන්න. යවන්නේ අවුරුදු 2 කට. ඒ වෙනුවට ලොකු මුදලක් හාම්පුත්තු ගෙවනවා. ඒ ඔයගොල්ලෝ ගැන විශ්වාසෙන්. ඒ අවුරුදු 2ක් එහේ ගිහින් ඉදී කියන බලාපොරොත්තුවෙන්. හැබැයි මේ සල්ලි ටික ගත්තායින් පස්සේ නොයෙකුත් ලෙඩ කියලා ඉක්මනට ගෙන්නලා දෙන්න කියනවා. ඉතින් අපිත් පැමිණිලි භාර ගන්නවා. කිසිම හේතුවක් නැතුව ගෙන්නන්න කියනවා. මේවා ප්‍රායෝගික ගැටලු. දෙසැම්බර් 31 පස්සේ කිසිම නියෝජිත ආයතනයක් අපි ලියාපදිංචි කරන්නේ නැහැ. කමිෂන් තහනම් කලා. උප ඒජන්තවරුන් අල්ලන්න විමර්ෂණ අංශයේ නිළධාරීන් වැඩි කළා.
අපි ලොකු වියදමක් දරනවා මේ අය ගෙන්නලා දෙන්න. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන්නේ නැහැ. මේ හැම සුභසාදන කටයුත්තක්ම කරන්නේ අපේ මුදල් වලින්. සුරක්ෂා නිවාස වල ඉන්න අය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා ’’යනුවෙන් අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය මෙසේද ප‍්‍රකාශ කලාය. ‘‘ලෝකය දෙස රටක් විදියට බලනකොට අපිට සන්තෝස වෙන්න බැරි අපි ගෝලීයකරනය තුල මේවගේ රටක් හැටියට හදුන්වන කොට අපි ඉන්නේ කොහෙද කියලා තක්සේරුවක් අපි තියාගන්න ඕනි නිසා. ඉතිහාසයේ ලංකාව ගැන කතා කරනකොට තේ ,පොල් ,රබර් ගැන කතා කලා. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පස්සේ කවුරු මොනවා කිව්වත් ඇගලූම් ක්ෂේත‍්‍රයෙන් මේ රටට ආදායම ගෙනාවා. පහුගිය අවුරුදු 8-10ක් තිස්සේ ආදායම ගේන්නේ අපේ අහිංසක ශ‍්‍රමිකයෝ. මගේ මූලිකම බලාපොරොත්තුව තමයි පළමුවෙන්ම මේ ශ‍්‍රමිකයින්ගේ පැත්තේ ඉඳගෙන වැඩ කරන එක. මොකද අපි මේ ශ‍්‍රමිකයෝ ගැන කල්පනා කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි අද ඒ බිලියන 7 වත් ලංකාවට නැත්නම් කිසිම දෙයක් නැහැ. මේ රටේ සියලූම සම්පත් තියෙද්දී හතරවටෙන්ම මුහුද තියෙද්දී. සාරවත් පොළෙව තියෙද්දී. වතුර ටික තියෙද්දී. අවශ්‍ය කාලෙට වැස්ස තියෙද්දී මේ කිසිම දෙයකින් රටේ ආර්ථිකයට කිසිම දායකත්වයක් ලබා ගන්න බැරි වෙලා තියනවා.
මීට වැඩිය අපිට ශ‍්‍රම දායකත්වය ගොඩාක් තියනව. පුහුණු ශ‍්‍රමිකයො හරි පුහුණු නොවන ශ‍්‍රමිකයෝ හරි විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. උපාධිධාරින් 20000කට වැඩි ප‍්‍රමාණයක් ඉන්නවා රැකියාවල් නොමැතිව. මෙහෙම තියන රටක තමයි අපි මේ අහිංසක අයව පිටරට ඇරලා ආදායම උපයන රටක් වෙලා තියෙන්නේ. සමහර අය කල්පනා කරනවා විදේශගත ශ‍්‍රමිකයෝ ගේන ආදායම මේ රටේ වැඩිම ආදායම කිව්වාම ලොකු දෙයක් කියලා. ඒකෙත් අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමක. පිලිපීනය ඉතාම හොඳ මට්ටමේ පුහුනු ශ‍්‍රමිකයෝ අරිනවා. කුවේට් වලට ගියත් ඩුබායි වලට ගියත් කොයි රටකට ගියත් ඉන්නේ පිලිපීන් ජාතිකයෝ. ඉස්පිරිතාලෙකට ගියත් ඉන්නේ පිලිපීන් ජාතිකයෝ. අපේ රටේ මිනිස්සු ඒ තැන්වල නැහැ. බොහෝම කලාතුරකින් තමයි හෝටලේක හරි කිලීනින් ස්ර්විස් එකක හරි වැඩ කරන්නේ. මේක අපි වෙනස් කරන්නට ඕනි ’’යනුවෙන් ද අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත්සභා මන්ති‍්‍රනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ උපුල් දේශපි‍්‍රය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.