නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ- විදේශ ඇමැති Featured

    ජූලි 15, 2016

    රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බවත්  එය බොහොම පැහැදිලිවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.


    ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ඊයේ (14) දින ආරම්භ වූ දිසාපති සමුළුවේ ආරම්භක සැසියට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර දේශීය යාන්ත්‍රණයක් තුළ මේ ප්‍රශ්නය විසඳන බව ද සඳහන් කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, සහ සංවර්ධනය ප්‍රධාන තේමා 3ක් යටතේ රජය කටයුතු කරන බවත් මේ කටයුතු සිදු කිරීමේදී මාධ්‍ය සහ වෙනත් කණ්ඩායම් වැරදි මත පළ කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    "2015 ජනවාරි 08 රට ගෙන ගිය ගමන් මග අපට වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා රටේ කීර්තිය, හමුදාවේ කීර්තිය, ජනතාවගේ කීර්තිය ආරක්ෂාකර ගැනීමට අපට හැකි වුණා.සියලුම ජනතාව එකතු වී අපට නිදහස දිනා ගැනීමට හැකි වුණා.එහෙත් නිදහස ලබාගැනීමෙන් පසු අපි ජාති, ආගම් ලෙස බෙදුණා. මනාප ක්‍රමය පැමිණි පසු කුල ලෙසත් බෙදුණා.අවසානයේදී අපට ඉතිරි වුණේ තිස් වසරක යුද්ධයක් සහ තරුණ කැරලි දෙකක ලේ විලක් පමණයි. දැන් හෝ කුලල් කා ගැනීම් නවතා ශ්‍රි ලාංකික ජාතියක් ලෙස මේ රට ගොඩනගන්න අවශ්‍යයි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාව සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්,සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මනෝරි මුත්තෙටුවෙගම,ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya