රාමසාන් අවුරුදු උත්සවය ජුලි මස 06 හෝ 07 දින පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ජූලි මස 07 සහ 08 දින දෙකෙහි සිසුන්ගේ හා ගුරු භවතුන්ගේ පැමිණීම ඉතා අඩුවිය හැකි නිසා මුස්ලිම් පාසල් සඳහා එම දින දෙක නිවාඩු ලබාදීමට තීරණය කළ බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව රාමසාන් අවුරුදු උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අතිරේකව ලබා දෙන නිවාඩු දෙක සඳහා අගෝස්තු මස 15 සහ 16 දින දෙකෙහි පාසල් පැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.