නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස ශීල ජාතික සමඟියට මහඟු ආදර්ශයක් Featured

    ජූලි 06, 2016

    මුස්ලිම් බැතිමතුන්ගේ මෙම කැපවීම, ආත්ම දමනය මෙන්ම සමානාත්මතාව සඳහා මඟ පෙන්වන පරිත්‍යාගශීලීත්වය ජාතික සමඟියට සහ සංහිඳියාවට ද මහඟු ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

    "මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීත්ර් උත්සවය සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි.

    අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුළුණු පහෙන් එක් කුළුණකි. පාරිශුද්ධවූ අල්-කුරානය ලොවට පහළ වූයේ ද මේ මාසයේදී ය.

    උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික, සමාජයීය හර පද්ධතියකින් සමන්විත ය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාම ශ්‍රද්ධාවෙන් අවංකව උපවාස සමයේ වත්පිළිවෙත් ඉටුකිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති.

    කුසගින්නෙන් පෙළෙන දිළිඳු ජනතාව විදින පීඩාව කෙබඳුදැයි අවබෝධ කරගැනීමටත්, ඒ පිළිබඳව සංවේදී සිතින් පරිත්‍යාගශීලී ජීවිතයකට යොමු වීමටත්, සිත දමනය කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමටත් රාමසාන් උපවාස සමය අගනා අවස්ථාවකි. එම යහපත් ජීවන චර්යාවන් එක් මාසයකට සීමා නොකොට දිනපතා ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි.

    මුස්ලිම් බැතිමතුන්ගේ මෙම කැපවීම, ආත්ම දමනය මෙන්ම සමානාත්මතාව සඳහා මඟ පෙන්වන පරිත්‍යාගශීලීත්වය ජාතික සමඟියට සහ සංහිඳියාවට ද මහඟු ආදර්ශයකි.   

    දුප්පත්, පොහොසත් කිසිදු භේදයකින් තොරව එකම ජනතාවක් ලෙස එක්සත්ව රාමසාන් උත්සවය ප්‍රීතියෙන් යුතුව සමරන සහෝදර මුස්ලිම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya