නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ නවතම පුරා විද්‍යාත්මක සොයා ගැනීම් වාර්තාවක්

    ජූලි 05, 2016

    ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත පොලොන්නරුව රාජධානියේ සංරක්ෂණය කළ යුතු සහ සංචාරක ක්ෂේත‍්‍රයට වැදගත් වන පුරා විද්‍යාත්මක ස්ථාන පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විශේෂ පස් අවුරුදු පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    ඒ යටතේ කරන ලද කැනීම් හරහා හඳුනාගත් ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු ඇතුළත් පළමු වර්ෂයේ වාර්තාව එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිරිනැමීම ඊයේ (04) සිදු විය.

     

    පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම පර්යේෂණ ව්‍යාපෘතිය මගින් පොලොන්නරුව ශිව දේවාල අංක 2 පර්යන්ත කලාපයේ සිට පැරණි නගරය කේන්ද්‍ර කරගත් කිලෝමීටර් 50ක සීමාවෙහි පුරා විද්‍යාත්මක කැනීම් කටයුතු දැනටමත් ක‍්‍රියාත්මකයි.

     

    සංචාරක ක්ෂේත‍්‍රයෙහි පුළුල් අත්හදාබැලීම් සහ සොයාගැනීම් ලොව පුරා සිදුවන අවදියක, දේශීය සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමත්, සංස්කෘතික සංචරණය වෙත ජනතාව ආකර්ෂණය කරවීමත් අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවා ඇති අතර, මේ යටතේ ක‍්‍රියාත්මක වන පුරා විද්‍යා පුහුණු වැඩසටහන මගින් පුරා විද්‍යා විශේෂ උපාධිධාරී සිසුන්ට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ.

     

    එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, රොබින් කනින් හැම්, ඉන්දියාවේ බරෝඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක‍්‍රිශ්ණන් ගෝපාල්, නේපාල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ බංගලාදේශය, ඉන්දුනීසියාව රටවල් නියෝජනය කරමින් පුරාවිද්‍යාඥයින් පිරිසක් මෙම පර්යේෂණ කණ්ඩායමට එක්ව සිටි අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඔවුන් වෙත විශේෂ සමරු තිළිණ ලබාදීම ද මෙහිදී සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya