නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් Featured

    ජූනි 22, 2016
     
    දේශිය සංගීතයේ ප‍්‍රගමනය උදෙසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
    මෙහිදී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකළ ප‍්‍රනාන්දු මහත්මිය අතින් 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල සමරු කලාපය හා සංගීතාංජලි කෘතිය, ජනාධිපතිතුමා වෙත පිරිනැමූ අතර සංගීත ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් ජනාධිපතිතුමා විසින් කලාකරුවන් පිරිසකට අනුස්මරණ හා විශේෂ සම්මාන පිරිනමන ලදී.
     
    එමෙන්ම විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දියාවේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ සංගීත මහාචාර්ය වී.බාලාජි මහතා වෙත ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් පිරිනැමූ අතර වී.බාලාජි මහතා ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීය.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ මෙම උළෙලට අමාත්‍ය එස්.බී නාවින්න, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂ ගෝකුල ප‍්‍රනාන්දු, රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලයේ සභාපති ආචාර්ය දයාරත්න රණතුංග මහතා ඇතුළු විද්වතුන් සහ කලාකරුවෝ රැසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya