2010 මැයි මස නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති ළමා ශ්‍රමය පිළිබද ගෝලීය සම්මන්ත්‍රණයේදී අනතුරුදායක ළමා ශ්‍රම යෙදවුම් 2016 වසර අවසාන වන විට ශුන්‍යත්වයට පත්කළ යුතු බවට යෝජනාවක් සම්මත කරන ලදී. අද පැවැත්වෙන ජාතික සමුළුවේදී ජනාධිපතිවරයා විසින් 2016 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමේ ප්‍රතිඥාව සදහා අත්සන් තැබීමටද නියමිතය.
මෙවර ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයේ තේමාව වනුයේ "නිෂ්පාදන දාමයේ වෙනසක් තුළින් ළමා ශ්‍රමය තුරන් කිරීම" යන්නයි.
අවුරුදු 14 ට අඩු ළමයෙකු කිසිදු රැකියාවක යොදවා නොගත යුතු අතර අවුරැදු 14 ට වැඩි අවුරුදු 18ට අඩු තරැණ ළමයෙකුගේ සෞඛ්‍යය, ආරක්ෂාව හා සදාචාරය ට හානිකර කිසිදු රැකියානකට යොදවා ලැනීමද නතර කළ යුතු ය යන්න මෙවර තේමාව මගින් ප්‍රකට කෙරේ.
AP