ඇලමාර්ග සකස් කිරීම සහ ජලය බැස යාමේ මාර්ග අවහිර කරමින් අවසර ඇතිව සහ නැතිව සිදු කර ඇති ඉදි කිරීම් ඉවත් කිරීම මෙන්ම ගංවතුර උවදුරට ලක් විය හැකි ඉඩකඩම් වෙනුවට ජනතාවට වෙනත් ස්ථාන ලබා දීම ආදී සියලු කටයුතු පිළිබඳව විද්‍යාත්මකව සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා, ප්‍රදේශයේ ස්වයං රැකියාලාභීන් සහ කුඩා ව්‍යාපාර යළි නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කරන බව පැවසීය.
කොලොන්නාව ආසනයේ බ්‍රැන්ඩියවත්ත, මාණික්කමුල්ල සහ සේදවත්ත ප්‍රදේශයන්හි සංචාරය කරමින් ඒ ප්‍රදේශයන්හි පීඩාවට පත් ජනතාව හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
පීඩාවට පත් ජනතාව මෙතෙක් තමන් වෙත ලැබුණු සහන සේවාවන් පිළිබඳවත්, ඉදිරියේදී සිදු විය යුතු සේවාවන් පිළිබඳවත් සිය අදහස් අගමැතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළහ. ඔවුන්ගේ ගැටලු අතරින් කඩිනම් විසඳුම් ලබා දිය හැකි කටයුතු වහාම ඉටු කරන ලෙස අගමැතිවරයා රාජ්‍ය නිලධාරීනට උපදෙස් දුන්නේය.
කොළොන්නාව ප්‍රදේශය ජල ගැල්මට ආපදාවට යටත් වෙලා මාසයක් ගියාට පස්සේ රජයෙන් ලබා දුන් සහන නිසියාකාරව ජනතාව වෙත ලැබී ඇත්ද යන්න ගැන සොයා බැලීම තමා පැමිණි බවත් මෙහිදී විශේෂයෙන්ම අඩුපාඩු කම්, ප්‍රමාද දෝෂ තිබෙනවා නම් ඒවාට අදාළ පියවර ගන්නා බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
සහන ලබාදීමේදී මුල් අදියරේ රුපියල් 10,000 ගෙවීම් සිදු කර අවසන් කිරීම උපදෙස් ලබා දී තිබෙන අතර ලබන අඟහරුවාදා වන විට ඒ වැඩ කටයුතු අවසන් වන බව පෙන්වා දුන් අගමැතිවරයා අනතුරුව දෙවැනි අදියර ලෙස තවත් රුපියල් 25,000 ක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ද සඳහන් කළේය.
ඇති වූ ආපදා තත්ත්වය කැලණි ගං මිටියාවතේ ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර සියල්ලම නැවතී තිබෙන අතර ඒවා යළි නගාසිටුවීම සඳහා සැලැස්මක් සකස් කරන බවත් එම තොරතුරු වහාම ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරියේදී මෙවැනි බරපතල ජලගැනීම් ඇති නොවීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කරන බවත් ඒ වගේම රටේ ජනතාවටත් සහන ලබලා දෙන්න පියවර කිහිපයක් මේ වන විට ගෙන තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
කොළොන්නාව ප්‍රදේශයේ තිබෙන සියලු ආගමික ස්ථාන එකතු වී මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳ සැලැස්මක් සකස් කර දෙන ලෙස ද අගමැතිවරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර කළ හැකි බව ද වැඩිදුරටත් පැවසීය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ද, රාජ්‍ය නිලධාරීහුද මේ අවස්ථාවන්ට එක් වූහ.