නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්ද හිමි නාමලේඛණ ලැබී නොමැති නම් වහාම විමසන්න

    ජූනි 21, 2016
    ආපදාවට ලක්වු ප්‍රදේශවල හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම අද වනවිට 2016 ජන්ද හිමි නාම ලේඛණ  බෙදා හැර අවසන් කරන බවත් නාම ලේඛණ නොලැබී ඇත්නම්  වහාම ග්‍රාමසේවක මහතාගෙන් විමසන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පළ කලේ 2016 ජන්ද හිමි නාම ලේඛණ ප්‍රතිශෝධනය, ගණන් ගැනීම හා මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය.
     
    මෙම ජන්ද හිමි නාම ලේඛණ සම්පුර්ණ කර ජුලි 15 වන දිනට පෙර ඔබේ  නිවසට පැමිණෙන ග්‍රාම නිලධාරී මහතාට හෝ මැතිවරණ කාර්යාලයට භාර දෙන ලෙස දේශප්‍රිය මහතා දන්වා සිටී. 
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැක්කේ ජන්ද බලය හරහා බවත් එය කළ හැති වන්නේ ජන්ද හිමි නාම ලේඛණයේ නම ඇතුළත්ව තිබුනොත් පමණක් බවත් දේශප්‍රිය මහතා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු දේශප්‍රිය මහතා කුලියට හෝ බද්දට සිටින අයගේ නම් ජන්ද හිමි නාම ලේඛණය ඇතුළත් කළ හැකි බවත් ඉන් නිවෙස් අයිතිකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොවන බවත් නාම ලේඛණයට නම ලියාපදිංචි කරන්නේ ජන්දය සදහා පමණක් බවත් පැවසීය. 
    AP
     
     
     
     
              

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya