නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානය ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම්

    ජූනි 04, 2016

    බස්නාහිර මහානගර ව්‍යාපෘතිය සඳහා සිදුකළ හැකි ආයෝජන පිළිබඳව ජපාන ව්‍යාපාරික ප‍්‍රජාවගේ හමුවක්  ඊයේ (03) කොළඹ, වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විනි.

    ජපාන තානාපති කෙනිචි සුගනාමා හා ජපානයේ යටිතල පහසුකම්, ඉඩම් හා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති ටනිවකි සටොරු ද මේ සඳහා සහභාගී වූහ.

     

    ශ‍්‍රී ලංකාව අවිධිමත් නාගරීකරණය නිසා බැටකන රටක් වී ඇති බවත් මෑතදී ඇතිවූ ගංවතුර උවදුර, ප‍්‍රවාහන තදබදය, කැලිකසල ප‍්‍රශ්නය, නිවාස අර්බුදය ආදිය එයට නිදසුන් බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. මේ නිසා විධිමත් නාගරික සැලසුමක් සකස් කළ බවත් එය ක‍්‍රියාත්මක කිරීමට ජපානයේ දියුණු තාක්ෂණය, උපදේශනය හා මූල්‍ය ආයෝජනය අවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය.

     

    ආපදා කළමනාකරණය සඳහා ජපානයේ සහාය ලබා දෙන බව ජපාන තානාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya