සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය සකස් කිරීමෙන් පසු මතු වූ ගැටලුව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග ජුනි මස 01 දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවතිවිණි.
එම සාකච්ඡාව නම්‍යශීලිව හා සුබවාදීව පැවති බවත් වෛද්‍ය පත්වීම් ලේඛනයේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර යළි සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් ඊයේ (02) සහ අද (03) දෙදින මෙම ලේඛනය සකස් කළ බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව වසා දමා තිබූ රෝහල් 37 ක් යළි විවෘත වෙන බව පෙන්වා දුන්නේය.
අදාළ පත්වීම්ලාභීන් දින 07ක් ඇතුළත සිය ඉල්ලීම් යොමු කිරීමෙන් පසු නව පත්වීම් ලබාදීම සිදු කෙරෙන අතර පශ්චාත් සීමාවාසික පත්වීම්ලාභීන් 1,065 කට ඉදිරියේ දී දිවයිනේ විවිධ පළාත්වල සේවය කිරිමට අවස්ථාව හිමි වේ.