නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් පසු එකතු වූ කසළ ටොන් 2,500 ක් ඉවතට

    ජූනි 03, 2016

    ගංවතුරින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ එකතුවූ කසළ ටොන් 2,500 ක් පමණ පසුගිය දෙදින තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ඉවත් කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    කතු කළ කසළ කොළොන්නාව කසළ අංගනයට බැහැර කිරීම සිදු වූ අතර පළාත් පාලන ආයතන මඟින් ලබාගත් තොරතුරු අනුව, කසළ එකතුවූ ප්‍රදේශ කුඩා ඒකක වශයෙන් සිතියම්ගත කර, කණ්ඩායම් වශයෙන් කසළ ඉවත් කිරීම සිදු කර තිබේ.

     

    මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ, පළාත් සභා  සහ පළාත් පාලන අමාත්‍යංශය ගොතටුව, ටී.බී. ඉලංගරත්න ක්‍රීඩාංගනයේ පවත්වාගෙන යන මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. කසළ එකතුවූ ප්‍රදේශ පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එහි ක්ෂණික දූරකතන අංක දෙකක් 0112 423 146 සහ 0012 302 722 ස්ථාපිත කර තිබේ.

     


    මේ සඳහා යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනය වල නිලධාරීන් 500 කට අධික පිරිසක් එක්ව සිටියහ.

     

    ඔවුන් විසින් කොළොන්නාව නගර සභා සීමාවේ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සීමාවේ ඟංවතුරින් පසු  එක්රැස්වූ කසළ ඉවත් කළ අතර  මේ  වනවිට කසළ ඉවත් කළ ප්‍රදේශ වන්නේ, කොළොන්නාව, මීතොටමුල්ල, කොටිකාවත්ත, මුල්ලේරියාව, අංගොඩ, ගොතටුව, බුත්ගමුව, සේදවත්ත, කොහිලවත්ත, කොටපොළ, කිත්තම්පහුව, කැලණිමුල්ල, අඹතලේ පරණ පාර, නාගහපොළ, කොටිකාවත්ත පාර සහ වැල්ලම්පිටියයි.

     

    මේ සඳහා දිවයිනේ විවිධ පළාත් පළාන ආයතනවල ජේ.සී.බී., ටිපර්, ට්‍රැක්ටර් ඇතුළු කසළ එකතු කරන වාහන 100 කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya