නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී මත්පැන් වැටලීමේ නව ඒකකයක්

    ජූනි 03, 2016

    නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා වූ නව ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

     මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා බෙදා හැරීම වැළැක්වීමේ ඒකකය ස්ථාපනය කෙරිණි.

     

    නීති විරෝධී ලෙස ආනයනය කෙරෙන විදේශීය මත්පැන් අලෙවි කිරීම, නීති විරෝධී මත්පැන් අලෙවි කිරීම සහ රජයේ අනුමත මත්පැන් නීති විරෝධී ලෙස අලෙවි කිරීම වැළැක්වීම මෙම ඒකකයේ ප්‍රධාන කාර්ය භාර්යයි. වාර්ෂිකව අහිමි වෙමින් තිබූ විශාල සුරා බදු ආදායමක් මේ යටතේ රජයට අයකර ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

     

    පළමු මෙහෙයුම ලෙස වෙන්නප්පුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ නීති විරෝධී ස්කාගාරයක් වැටලීමට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා බෙදා හැරීම වැළැක්වීමේ ඒකකය සමත් විය.

     

    පසුගිය දා කළ මෙම වැටලීමේ දී  ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් තුන් දෙනකු අත්අඩංගුවට ගැණින. මීට අමතරව මත්පැන් නිෂ්පාදනය  සඳහා යොදා ගත් උපකරණ රැසක් ද සොයා ගැණුන බව එම ඒකක ප්‍රධානී ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා පවසයි. වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

     

    මෙම ඒකකය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින නිලධාරිහු පිරිසක් සේ ම විශේෂ වැටලීම් සඳහා පුහුණුව ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වී සිටිති. ඉදිරියේ දී මෙවැනි වැටලීම් දිගින් දිගට ම ක්‍රියාත්මක කරන බවත්, ජනතාවට ඍජුව මෙම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ඒකක ප්‍රධානී ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya