ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (24) පස්වරුවේ හමුවූ අවස්ථාවේදී ය.
එම හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ඉදිරියේදී තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායක වීමට ලෝක බැංකු නියෝජිතයන් කැමැත්ත පළ කළ බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයට විවර වී ඇති ආකාරය මින් තවදුරටත් තහවුරු වන බව අමාත්‍යවරයා පැවසීය.
විධායක අධ්‍යක්ෂ සුභාෂ් චන්ද්‍රා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි මෙම කණ්ඩායම විධායක අධ්‍යක්ෂකවරුන් 9 දෙනෙකුගෙන් සමන්විත වූ අතර මෙවැනි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 34කට පසුවයි.
දින 3ක කාලයක් මෙරට රැදී සිටිමින් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කළ මෙම කණ්ඩායම ඔවුන් ලබා දෙන ආධාර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා යෙදවෙන ආකාරය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.