නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013 = 100) : 2016 අප්‍රේල් Featured

    මැයි 24, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කරනු ලැබ ඇත. අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාස‍යේ දර්ශකය (110.0) හා සංසන්දනය කළ විට 1.6ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5ක වැඩිවීමක් වාර්තා වේ. මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම බලපා ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    2016 මාර්තු මාසය හා සසදන කළ 2016 අප්‍රේල් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම වැඩිවීම සඳහා අලුත් මාළු, දෙහි, ලුණු, සහල්, කෙසෙල්, අර්තාපල්, සීනි, කුකුළු මස්, බිත්තර, පාන්, තිරිඟු පිටි, එළවළු, ලොකුළූනු, පොල්තෙල් සහ සුදුළූනු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් පැපොල්, අමු මිරිස්, පොල්, අඹ, සියඹලා සහ වියළි හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

    2016 මාර්තු මාසය හා සසදන කළ 2016 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45%ක වැඩිවීමක් දක්නට තිබේ. මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍යෙ, ප්‍රවාහන, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, යන කාණ්ඩවල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. තවද ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකමෙ හි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. ‘සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන’ කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 අප්‍රේල් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.3% ලෙස ගණනය කොට ඇති බව සඳහන් ක‍ළේය.
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය වන ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) 2015 ඔක්තෝබර් මස සිට අදාළ ලිත් මාසය අවසන් වී 21 වන දින ප්‍රකාශයට පත් කරනු ලබන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya