අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ යටතේ අවතැන් වූවන් සඳහා ඉදිරි මාසයක සහන කාලයක් ලබා දීමට ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී තීරණය කෙරුණු බවයි.
පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ අඩපණ වී තිබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය එම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර විපතට පත් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන භාණ්ඩ කූඨ පුද්ගලයන් විසින් මුදලට අලෙවි කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවත්, මෙම භාණ්ඩ අලෙවි කරන සහ ඊට අනුබල දෙස පිරිස් සම්බන්ධයෙන් දැඩි නීතී ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටි.