අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් පණිවුඩය-වෛරය දුරැලිය හැක්කේ අවෛරයෙනි- ක්‍රෝධ කරන්නා දිනිය යුත්තේ මෛත්‍රියෙනි Featured

    මැයි 21, 2016

    වෛරය දුරැලිය හැක්කේ අවෛරයෙනිග ක්‍රෝධ කරන්නා දිනිය යුත්තේ මෛත්‍රියෙනිග අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද  අසත්‍යය සත්‍යයෙන්ද දිනිය යුතුය යැයි වෙසක් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

    වෙසක් සමය, බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් මෛත්‍රී, මුදිතා,කරුණා,උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පන්නරය ලබන යහගුණයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ මහා අධ්‍යාත්මික ප්‍රවේශයක් බවට පත් කරගැනීම අපගේ අභිප්‍රාය විය යුතු ය.

    වෙසක් සමය සැබැවින්ම අර්ථවත් වන්නේ බුදුන් වදාළ ධර්මයට අනුව ජීවත්වීමට හුරු පුරුදු වීමෙනි.

    එබැවින් සමාජයේ යම් කොටසක් අතින් වරදක් සිදු වන්නේ නම් අප එය සකස් කළ යුත්තේ නිරවද්‍යතාව මුල් කොට ගෙනයග අයහපත දුරු කළ යුත්තේ දල දුරු කළ හැක්කේ ද යහගුණයෙනි.

    වෛරය දුරැලිය හැක්කේ අවෛරයෙනි. ක්‍රෝධ කරන්නා දිනිය යුත්තේ මෛත්‍රියෙනි.අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද  අසත්‍යය සත්‍යයෙන්ද දිනිය යුතුය.

    වෙසක් සමය මුල්කොට ගෙන දහමෙහි හරය ඔප්නැංවෙන ලෙස අපගේ ජීවිත පිළිවෙතින් හැඩගස්වා ගැනීම ඉතාම වැදගත් වන අතරල අප විසින් සිදුකරනු ලබන ආමිස පූජාවන් ද අධ්‍යාත්මික දියුණුවට මඟ පෙන්වන, සාමූහිකත්වය සහජීවනය ගොඩනංවන උතුම් කර්තව්‍යයන් වනු දැක්ම මාගේ අභිලාෂය යි.

    වත්මන් රජය බුද්ධ ශාසනයේල සංඝ සමාජයේ මෙන්ම සමස්ත ජනතාවගේ දියුණුව උදෙසා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. ඒ සදාචාරසම්පන්න දියුණු සමාජයක් ගොඩනැංවීමේ මූලික අරමුණ මේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනයේ අධ්‍යාත්මික දියුණුව සහ සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට සැම සිත් පහන් වේවා යි ප්‍රාර්ථනය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya