නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් වෙනුවෙන් ඉසුරුපායේ විශේෂ ආපදා මධ්‍යස්ථානයක් Featured

    මැයි 20, 2016

    මතුව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් සහ අවතැන් වූ පාසල් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ ආපදා සහන මෙහෙයුම් මැදිරියක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයෙහි පිහිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබාදීමට කැමති  ඕනෑම අයෙකුට පහත සඳහන් දූරකතන අංකවලට අමතා වැඩිදුර විස්තර දැනගැනීමට හැකි අතර පැලවත්ත, ඉසුරුපායේ, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයෙහි පිහිටා ඇති මෙම මෙහෙයුම් මැදිරියට පැමිණ තම ආධාර ලබාදීමට ද හැකිය.


    මෙම මෙහෙයුම් මැදිරිය දවසේ පැය විසිහතර තුළම විවෘතව තැබෙන අතර තමන් ආකාරයෙන් සියලුදෙනාට මේ සඳහා දායක විය හැකි ය.

    රටේ දරුවන්ගේ ජීවිත සුවපත් කිරිම වෙනුවෙන් ඔබට හැකි උපරිමයෙන් දායක වන මෙන් පරිත්‍යාගශීලී සියලු දෙනාගෙන් අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටි.

    දූරකතන අංකය  - 0112786384
    0712365965 - සෙනරත් මයා
    0718387212 - රොහාන් මයා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya